පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

විදුහල්පති පණිවිඩය

K .H .M .U .K .බණ්ඩාර

 

  ප්‍රදේශයේ පවතින දුශ්කර පාසලක් වන පො /දිඹු /අලවා කුඹුර මහා විදුහලේ දරුවන්ගේ අනාගත අපේක්ෂා මුදුන් පත් කරලීමට දැඩි ප්‍රයන්තයක් දරමින් සිටී. අප පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි

අන්තර්ජාල තාක්ෂණය හේතුවෙන් පන්ති කාමරය තුළ සිසුන් හා ගුරුවරුන් අතර පැවැති සම්ප‍්‍රදායික  ඉගෙනුම් ක‍්‍රියාවලිය පසු කාලීනව දුරස්ථ අධ්‍යාපනය (Distance Education) දක්වා දියුණු විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇති වූ ඉතා ජනප‍්‍රියම අධ්‍යාපන ක‍්‍රමයයි. අන්තර්ජාලය අව භාවිතයෙන් සිසු පරපුර විනාශාභිමුඛයට පත් වීමට අන්තර්ජාල පාසල් අධ්‍යාපනය වෙතින් බලපෑම් එල්ල කිරීම යහපත් ප‍්‍රතිඵලයක්. පාසල් අධ්‍යාපනය හරවත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස බිහිව ඇති අන්තර්ජාලය ආශ‍්‍රිත වෙබ් පිටු පිළිබඳව තවදුරටත් විමසීමේදී පාසල් ජාලය හෙවත් ස්කූල්නෙට් වඩාත් වැදගත් වේ. එමෙන්ම e-තක්සලාව, ඉංග‍්‍රීසි-e-ඉගෙනුම, e- සමාජ වැඩසටහන, ශිල්ප සයුර, විදුනැණ ආදී වැඩසටහන් ද විශේෂ වේ.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී සකස් කරන ලද ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් හෝ පාඨමාලා සංයුක්ත තැටි  හෝ සංඛ්‍යාත බහු විධ තැටි භාවිතය ද සිදු කරයි.

එමෙන්ම පරිගණකය භාවිත කර පුහුණුවීම් (Computer Based Training (CBT)), Web Based Training (WBT), A Learning Management System (LMS) ආදී වැඩසටහන් ද ප‍්‍රමුඛයි. සිසුන් සඳහා තනිවම අධ්‍යාපනය ලබා ගැනීම සඳහාම Distance Education System (DES) සකස් කර ඇත. එමෙන්ම පාසල් කළමනාකරණ පද්ධති ලෙස සිසුන් ලියාපදිංචිය, කාලසටහන් සකස් කිරීම, පැමිණීමේ ලේඛන සකස් කිරීම, චරිත සහතික නිර්මාණ ආදී ක‍්‍රියා පහසුකර ගැනීමට ද පරිගණක ආශ‍්‍රිත ක‍්‍රියාවලි යොදා සියලූම පාසල් තොරතුරු පරිගණක ගතකර තිබීමද සුවිශේෂී වේ.

පන්ති කාමරයේදී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් අධ්‍යාපනය සඳහා යොදා ගැනීමේදී පරිගණකය ආශ‍්‍රිත ඉදිරිපත් කිරීම  (Presentation)  පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පින්තූර සහ වීඩියෝ සකස් කිරීම් සඟරා ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම, අධ්‍යාපනික ක‍්‍රීඩා, CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය, අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම ආදී දෑ සිදු කළ හැකි වේ. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට Web Based Training යෙදිය හැකි අතර වැඩිදුර අධ්‍යාපනය ලැබීමට Web Based Learning යොදාගත හැකි වේ. එමෙන්ම අන්තර්ජාලය ගුරුවරයාට ද ආධාරකයක් ලෙස කි‍්‍රයා කරනු ලබයි. උදාහරණයක් ලෙස විස්තර කරදීමට අපහසු පාඩම් සඳහා රූපසටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර්ශන පෙන්වීම ඉලෙක්ට්‍රොනික් ඉදිරිපත් කිරීම් (Presentation) යෙදීමෙන් විෂයට ආකර්ෂණයක් ලබා ගැනීම, පරිගණකය යොදා පාඩම් සටහන් සකස් කිරීම, ආදී විශාල පහසුකම් රැසක් ලබා ගත හැකිය.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපන කළමනාකරණ සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) යොදා ගැනීම බොහෝ රටවල දක්නට ඇත. මෙම පද්ධතියක් සහ සම්බන්ධවීමට අන්තර්ජාල පහසුකම් තිබිය යුතු අතර පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ඇති පහසුකම් පිළිබඳව විමසීමේදී ශිෂ්‍යයාට පාසලේදී නිවසේ දී හෝ පහසු ස්ථානයකදී අවශ්‍ය වේලාවක දී (Any Where Any Time) ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව පවතී. එමෙන්ම ශිෂ්‍යයාට පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසැණින් උඩුගත  කිරීමේ හැකියාව වීඩියෝ දර්ශන මඟින් විෂය සමගාමී ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රගතිය නිවසේ සිටම දැනගත හැකිවීම වැනි වරප‍්‍රසාද රැුසක් ලැබේ. එමෙන්ම මෙම සියලූ කටයුතුවල නව ප‍්‍රවණතා ලෙස තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම  ඕනෑම රටක සිට, තමන්ට කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් ඉතා අඩු වියදමකින් උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් හැකියාව ලැබේ. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය (Online Distance Education) ලෙස හඳුන්වනු ලැබේ.

මෙලෙස නිවැරදිව දැනුම්වත් වෙමින් අන්තර්ජාල භාවිතය ක‍්‍රමවත් කළ හොත් එය අවභාවිතයට ලක්වීම හෝ අධ්‍යාපනයේ මන්දගාමී සාම්ප‍්‍රදායිත්වය පහව ගොස් ප‍්‍රබෝධමත්ව නව පිබිදීමකින් අධ්‍යාපනය හැදැරීමේ මාර්ගයක් ද   අප  සිසු පරපුරට උරුම වේ. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි. 

K .H .M .U .K .බණ්ඩාර
විදුහල්පති
පෝ /දිඹු අලවා කුඹුර මහා විද්‍යාලය .