පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

 පෝ/ දිඹු/  අලවා කුඹුර මහා විද්‍යාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි පාසලේ ඉතිහාසය සොයා බැලූ අප හට එම පාසලේ පළමු ශිෂ්‍යයන් තිදෙනා හමුවී සාකච්ඡා කිරීමේ භාග්‍යය ලැබිණි. දැනට ජීවිතයේ සැඳෑ සමයේ රස විඳින පාසලේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු මෙසේ ගොනු කොට තබන්නෙමු.

බදුල්ල දිස්ත්‍රික්කයේ සිට 1920 වර්ෂයේදී මෙම ප්‍රදේශවාසීන් හේන් ගොවිතැන සඳහා අලවා කුඹුර ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී දැනුණු පාසලක අවශ්‍යතාවය මත ඔවුන් පාසලක් රජයෙන් ඉල්ලා සිටියහ.එහි ප්‍රතිඵලයක් ලෙස අලවා කුඹුර ප්‍රදේශයේ එක ගොඩනැගිල්ලක් මැටියෙන් සාදා පාසල ආරම්භ කරන ලදී. එවකට පැවති නීතියක් වූයේ පාසලක් ආරම්භ කිරීමට නම් අනිවාර්යෙන්ම ළමුන් තිස් දෙකක් සිටිය යුතු අතර ඒ හේතුවෙන් පාසල ආරම්භ කිරීමට ළමුන් 32ක් සොයා ගැනීමට සිදුවූ බව ඔවුන් පැවසුවේය.පාසල සැබෑ ලෙසට මුලින් ආරම්භ වූයේ රජය මැදිහත්වීමයකින් නොවේ. එයට මූලිකත්වය දක්වා ඇත්තේ පූජ්‍ය තඹලගමුවේ ධම්මරතන හිමියන් වහන්සේයි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් ගමේ ග්‍රාම සංවර්ධන සමිතියත් පිහිටුවා එය හරහා පොල් අතු මඩුවක් සිසුන් තිදෙනෙකුට උන්වහන්සේ විසින් අකුරු කියවා පාසල ආරම්භ කරන ලදී. ඉන් පසු උන්වහන්සේ විසින් පී. ආර්කේ. ජයරත්න නම් ගුරුවරයකු පාසලට සොයා දෙන ලදී. මෙලෙස පාසල ආරම්භ කරන ලද වර්ෂය වන්නේ 1948 වර්ෂයයි. ඉන් මාස හයකට පසු පාසල රජයට පවරා ගන්නා ලදී. එයට ළමුන් 32ක් අවශ්‍ය වූ හෙයින් වයසින් වැඩිමල්මුන්ද යොදා ගනිමින් පාසල ආරම්භ කරන ලදී. විවිධ වයස්වල සිසුන් එදා එක ක්ෂේනිය ඉගෙනුම ලැබූ අතර වයස 21ක් හෝ සිසුන්ද සිටි බව ඔවුහු පවසන ලදී. රජයට පාසල පවරා ගැනීමට පෙර පැමිණි ගුරුවරයාට මාසිකව පඩි ගෙවන ලද්දේ සිසුන්ම වන අතර ඒ සඳහා එක් අයකුගෙන් එකතු කරන ලද  මුදල රුපියල් දෙකකි. ගුරුවරයාගේ කෑම බීම නවාතැන් පහසුකම් ආදිය ගම්වැසියන් විසින් සපයන ලදී.   

පාසල රජයට පවරා ගත් පසු රජය විසින් පත්කර එවන ලද ගුරුවරයා වන්නේ මාතර ප්‍රදේශයේ පීද්‍රික් අප්පුහාමි මහතායි. එවකට පාසලට නිශ්චිත නිල ඇඳුමක් නොතිබූ අතර ඕනෑම ඇඳුමකින් පාසලට පැමිණීමට හැකියාවකට ගැහුම් ගැහැණු ළමුන් පාසලට පැමිණීම අඩු අතර පිරිම ළමුන් පාසලට පැමිණීම පාසල පෙරවරු අටට ආරම්භ වී පස්වරු එකහමාර දක්වා පැවතුණි. පාසලේ දිවා ආහාරය ලෙස එළිකිරි ලබා දුන් බව ඔවුන් පැවසීය එසේම රජය මගින් පොල් අතුමා දුව වෙනුවට ස්ථීර ගොඩනැගිල්ලක් ද සාදා දුන් බව ඔවුන් පැවසීය මෙම පාසලට අලවා කුමර මහා විද්‍යාලය ලෙස නමල වී ඇත්තේ එම ප්‍රදේශය නමිනි. එවකට පාසලේ විෂයන් ලෙස සිංහල බුද්ධ ධර්මය සමාජ අධ්‍යයනය මතු වැඩ ආදී විෂයන් එකම ගුරුවරයකු විසින් උගන්වන ලදී බොහෝවිට එක් පන්තියක ළමුන් සිටි ඒ දෙදෙනකු පමණි  සිසුන් පහළ පන්තිවලට උගන්වන ලදී බොහෝවිට ගුරුවරයකු මෙන් පාසලේ රැඳී සිටි ඇත්තේ එක් අවුරුද්ද කාලයක් පමණි. එහෙයිනි සෑම අවුරුද්දකම අලුත් ගුරුවරෙකු පාසලට ලැබී ඇත ඉන් පසුව 1869 වර්ෂය ජලා කුමරු ප්‍රදේශ ජලයෙන් ඔවුන් පිඹුරත්තාව ගමේ ප්‍රදේශ පදිංචි කරන ලදී. පාසලද පිඹුරත් ප්‍රදේශයට ගෙන එන ලදී. දැනට පාසල පිහිටා ඇති ප්‍රදේශයට පාසල පැමිණියේ එලෙසිනි එලෙස ක්‍රමක්‍රමයෙන් පාසල අද පවතින තත්ත්වය දක්වා වැඩි දියුණු වී ඇත.