නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
A .R .රසිකා නයංජලී
ප්‍රදේශයේ පවතින දුශ්කර පාසලක් වන පෝ /දිඹු අලවා කුඹුර මහා විදුහලේ දරුවන්ගේ අනාගත අපේක්ෂා මුදුන් පත් කරලීමට දැඩි ප්‍රයන්තයක් දරමින් සිටී .සාර්ථක වූ අධයපන ක්‍රමයක් ගොඩනැගිමීදී පුද්ගලයගගේ ජිවිතයේ අවශ්‍යතා පිරිමසාලීමට හෝ ජාතියේ අවශ්‍යතා පිරිමාසලිම හෝ ජාතියේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා පිරිමාසලිමප්‍රමාණවත් නොවන බව මගේ ස්ථිර විශ්වාසයයි .මිනිසාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඇති කිරීමෙහි පොහොසත් චිත්ත පුහුණු වක් අධ්‍යාපනයෙන් ලැබිය යුතු බව මගේ හැගීමයි .තමා පිලිබදවත් සමාජය පිලිබදවත් නිවරැදී වූ අවබෝධයකින් ජිවත් විය හැකි පරිදි චිත්ත සමාදානයකින් යුක්තවූ යෞවන පරම්පරාවක් ගොඩනංවා ලීමට සැබෑ අධයාපනය පොහොසත් විය යුතුය .සතර අගතියෙන් තොරව මිනිසාගේ සහෝදරත්වය අගය කරන ජන සමාජයක් ගොඩනංවා ලිය හැකි වන්නේ අධ්‍යාත්මික වශයෙන් දියුණු වූ එබදු ජනතාවක් ඇති වූ විටය .
අප දරුවන්ට ඉගැන්වීම සදහා ආදරයෙන් මෙන්ම හැගීමෙන් කැප විය යුතුය.එවැනි අධ්‍යාත්මික වටපිටාවක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් බැදී සිටින බව ප්‍රකාශ කරමි .
A .R .රසිකා නයංජලී
නියෝජ්‍ය විදුහල්පති( පරිපාලන )
පෝ /දිඹු අලවා කුඹුර මහා විද්‍යාලය .









