දිඹුලාගල.
උතුරින් නුවර කලාවියත් දකුණින් තමන්කඩුවනුත් සීමා වූ ඓතිහාසික වැව් බැදී රාජධානියට හැමදාමත් නව උගතුන් දායාද කල අවසන් මහරහතුන් වහන්සේ වැඩ සිටි දූමරක්ක්කථ පබ්බතය හෙවත් දිඹුලාගල පින් බිමෙහි අධ්‍යාපනය නම් අඹරේ දිදුළන තවත් පුංචි තාරකාවියක් වන අලවා කුඹුර විදු මෑණියන්ගේ සෙවෙනෙහි දරු දැරියන් 758 ක් පමණ අද වන විට පහස ලබයි .ප්‍රාථමික ,කනිෂ්ඨ,ද්විතික වශයෙන් ත්‍රිත්ව අංශය හි අධ්‍යාපනය හදාරන සිසුන් අතරින් සෑම වසරකම ළමුන් කිහිපදෙනෙක් හෝ විශ්ව විද්‍යාල වරම් ලබා ගන්න ,පුංචි සරසවියක අභිමානය පසක් කරමිනි .කර්කෂක මහ පොලොව ඉරිතලා යත්ම පායන කාලයන්හිදී ,භවබෝග සම්පත් විනාශ වන්නට මහා වැසි ඇද හැලෙන මේ කර්කශ කටුක පොළොවේ දෙමාපියන්ට තම දරුවන්ට ,අලවා කුඹුර විදු මව් තරම් තවත් දායාදයක් නොමැති තරම් .එබැවින් අලවා කුඹුර විදු මව් අපිට අමිල සම්පතක් බව නොරහසකි .
නැණ ගුණ පිරි සාධනීය දරු පරපුරක්
ජාතික අභිමතාර්ථ හා අධ්‍යාපනයෙන් පොදු අරමුණු සාක්ෂාත් කිරීමෙන් නිපුණතා හෙබි පෞරුෂවත් දරු පරපුරක් බිහි කිරීම සඳහා අවැසි ඥානනීය මඟපෙන්වීම අපගේ මෙහෙවරයි